පසුගිය රජය සමයේදී ජනාධිපති ලේකම් කාර්යාලයේ සතුව මේවන විට අස්ථාන ගතව ඇති වාහන හා යතුරු පැදි සම්බන්ධයෙන් යම් තොරතුරුක් වෙතොත් දැනුම් දීමට පොලිසිය විසින් දුරකථන අංක කිහිපයක් හඳුන්වා දී ඇත.
ඒ අනුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, අපරාධ පරික‍්ෂණ දෙපාර්තමේන්තුවේ 011 -2320141 සිට 145 දක්වා දුරකථන අංකවලට ද, වාණිජ අපරාධ විමර්ශන අංශයේ 011-2395248 සහ 072-2243355 යන දුරකථන අංකවලට තොරතුරු දැනුම් දෙන ලෙසය.
ජනාධිපති ලේකම් කාර්යාලයේ ප්‍රවාහන නිලධාරි විසින් පසුගිය ජනවාරි 14වන දින අපරාධ පරික‍්ෂණ දෙපාර්තමේන්තුව වෙත කරන ලද පැමිණිල්ලක් සම්බන්ධව විමර්ශන ආරම්භ කරන ලදි.
ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේ සතු වාහන නැවත භාර නොදිම හා අස්ථාන ගත වීම සම්බන්ධවයි.
තවද, එම පැමිණිල්ල සම්බන්ධව මෙතෙක් සිදු කරන ලද විමර්ශන වලට අදාළව යතුරු පැදි සහ වාහන 18ක් අතුරුදහන්ව ඇතැයි අපරාධ පරික‍්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියි.
එබැවින් අදාළ වාහන කුමන පුද්ගලයින් විසින් භාවිතා කරන්නේද යන්න අනාවරණය කර ගැනිම සඳහා මහජන සහාය පොලිසිය විසින් බලාපොරොත්තු වේ.