අවේ ශ්‍රී පාදේ, නැවතුනේ රෝහලේ

අවේ ශ්‍රී පාදේ, නැවතුනේ රෝහලේ

ශ්‍රී පාද වන්දනාවේ ආපු පිරිසක්, මස්කෙළිය මාර්ගයේ මාවුස්සාකැලේ ජලාශය ආසන්නයේදී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ  රත්නපුර, නිවිතිගල ප්‍රදේයේ සිට ශ්‍රීපාද වන්දනාවේ පැමිණි පිරිසක් ගමන් ගත් වෑන් රථයකි.

තුවාලකරුන් ප්‍රතිකාර සඳහා මස්කෙලිය සහ නාවලපිටිය රෝහල්වලට ඇතුළත් කර තිබේ.

මේ අතර පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ  මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ වලට පවතින ධාරානිපාත වර්ෂාව හේතුවෙන් රථවාහන ගමනාගමනයේ දී වඩාත් සැලකිලිමත් වන ලෙසය .

හැටන්  – කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන්  – නුවරඑලිය ප්‍රධාන  මාර්ගයේ සහ ගිනිගත්හේන නෝටව්බ්‍රිජ් හරහා ශ්‍රී පාද මාර්ගයේත් පස් කදු කඩාවැටීමේ අවදානමක් පවතින බව  පොලිසිය සඳහන් කරයි.

Share this: