අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

අවසරපත් නොමැතිව මසුන් ඇල්ලූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට

පුත්තලම, කළපු ප්‍රදේශයේ ධීවර අවසරපත් නොමැතිව නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09 ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව ඊයේ සමත් වි තිබේ.

වයඹ විධානයට අයත් යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් පුත්තලම, කළපු ප්‍රදේශයේ සිදු කළ මුර සංචාරයක් අතරතුරදි ධීවර අවසරපත් නොමැතිව ධීවර කටයුතුවල නිරතවිම හේතුවෙන් මෙම පුද්ගලයින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට පත් පුද්ගලයින් වයස අවුරුදු 22 ත් 58 ත් අතර වයසැති කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 04 ක්, පිටත දහන යන්ත්‍ර 04 ක්, තහනම් ධීවර දැල් 04 ක් සහ අල්ලන ලද මසුන් කිලෝ ග්‍රෑම් 51 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, තහනම් ධීවර දැල්, මසුන් තොගය සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුත්තලම, ධීවර පරීක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබේ.

Share this: