සාම්ප්‍රදායික චාරිත්‍රානුකූලව සිංහල හා දෙමළ අලූත් අවුරුදු නැකැත් සීට්ටුව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම අද (01) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු විය.
අතීතයේ සිංහල හා දෙමළ අලූත් අවුරුදු චාරිත්‍ර හා නැකැත් අණඛෙරකරුවන් මාර්ගයෙන් ගෙයින් ගෙට ගොස් ඛෙදා දීම සිදු වූ අතර මෙය සිංහල අලූත් අවුරුදු සීට්ටුව නමින් හැදින්විණි. පැරණි ක්‍රමය සිහිගන්වමින් මෙහිදී අණඛෙරකරු මාර්ගයෙන් ජනාධිපතිතුමා වෙත නැකැත් චාරිත්‍ර පිළිගැන්විණ.
අලූත් අවුරුදු උදාව, පුණ්‍ය කාලය, ආහාර පිසීම හා ලිප ගිනි දැල්වීම, ආහාර අනුභව කිරීම, වැඩ අල්ලා ගනුදෙනු කිරීම හා නව වසරේ රැකිය සදහා පිටත්ව යාම ආදි කරුණු මෙම නැකැත් සීට්ටුවේ ඇතුළත්ව ඇත.
සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතාද අමාත්‍යාංශයේ ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති, සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරි අධ්‍යක්ෂ මාධව වත්තේගම, මහජන සම්බන්ධතා නිලධාරි මලිති ඒකනායක, සංස්කෘතික අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ විජිත් කපුගල, නෙස්ලේ සමාගමේ අධ්‍යක්ෂ බන්දුල එගොඩගේ යන මහත් මහත්මින් ඇතුථ පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
( ඡායාරූප – සුදත් සිල්වා )
Share this: