2017 වසරේ සිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ තරංජිත් සිං සන්දු මහතා සිය ධුරයට සමුදීම නිමිත්තෙන් නිල සාදය පෙරේදා (27) ‘ඉන්දියා හවුස්’ හීදී පැවැත් වුණා.
එම සාදයේ විශේෂත්වය වන්නේ මෙරට දේශපාලනයේ පැරණි මිතුදම් ආවර්ජනය කරන අවස්ථාවක් බවට පත්වීම හේතුවෙන්.
වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ , හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ , හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක සහ දිනේෂ් ගුණවර්ධන යන ශ්‍රී ලංකා දේශපාලන ප්‍රබල චරිත කිහිපය එකට හමු වුණා.
ඔවුන් හතර දෙනා සිනා මුසු මුහුණින් අතීතයේ වූ දෑ සිහිපත් කරනා ඡායාරූප කිහිපයක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
Share this: