කථානායක කරු ජයසූරිය මහතා ඉදිරියේදී පාර්ලිමේන්තුවේදී නව මන්ත්‍රීවරුන් තිදෙනෙකු දිවුරුම් දී තිබේ.
ඒනම් එක්සත් ජාතික පක්ෂයේ පාලිත තෙවරප්පෙරුම, එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ලක්ෂ්මන් සෙනෙවිරත්න සහ ජනතා විමුක්ති පෙරමුණේ බිමල් රත්නායක යන තිදෙනාය.
මේ අතර අද දිනයේ පාර්ලිමේන්තුවේ දී ව්‍යවස්ථාදායක සභාව සඳහා යෝජනා වී ඇති සිවිල් සංවිධාන නියෝජිතයින් තිදෙනාගේ නම් අනුමත කරගැනීමට ද නියමිතව ඇති අතර, ආචාර්ය ඒ.ටී.ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ජනාධිපති නීතීඥ සිබ්ලි අසීස් යන මහත්ම මහත්මීන් ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් නියෝජිතයින් ලෙස අනුමැතිය ලබාගැනීමට නියමිතය.
Share this: