ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් වලට 2023 නව වසර උදා විය.
වසර 02ක පමණ කාලයක් කොවිඩ් වසංගතය වසංගතය හේතුවෙන් අලුත් අවුරුද්ද සැමරීමට නොහැකි වූ ලොව පුරා ජනතාව මෙවර අවුරුදු උදාව උත්සවශ්‍රීයෙන් සමරනු ලැබිය.
කොවිඩ් වසංගතය, රුසියාව සහ යුක්රේනය අතර යුද්ධය වැනි ගෝලීය ආර්ථික අර්බුදයේ සන්දර්භය තුළ, අප රටේ සහ ලෝකයේ වෙනත් රටවල ජනතාව අලුත් අවුරුදු උදාවේ සහනයක් බලාපොරොත්තු වෙයි.
කිරිබාති, නවසීලන්තය, ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් පළමුව අලුත් අවුරුදු උදාව සැමරුවේය.
අලුත් අවුරුදු ගිනිකෙළි නැරඹීම සඳහා ප්‍රවේශපත්‍ර රැගෙන ලක්ෂයකට අධික පිරිසක් ලන්ඩනයට පැමිණ සිටියහ.
එඩින්බරෝ නගරයට 15,000ක් පමණ පිරිසක් රැස්ව සිටියහ.
නැගෙනහිර අප්‍රිකානු රටවල් වන කෙන්යාව, උගන්ඩාව සහ ඊජිප්තුව ද අලුත් අවුරුදු උදාව සමරයි.
රුසියානු යුද්ධ මැද්දේ සිටින යුක්රේනය ද අලුත් අවුරුදු උදාව සැමරීම විශේෂත්වයකි.