සිංහල සහ දෙමළ අලුත් අවුරුද්දේ ගනුදෙනු කිරිමේ නැකතට අප්‍රේල් 15 වැනිදා රට පුරා සමෘද්ධි බැංකු විවෘත නොකිරීමට සමෘද්ධි වෘත්තීය සමිති එකමුතුව තීරණය කර ඇත.
එම සංගමයේ ජාතික කැඳවුම්කරු චාමර මද්දුමකළුගේ මහතා සඳහන් කළේ සමෘද්ධි සේවකයින්ගේ දිරිගැන්වීමේ ගැටළුවක් මුල් කර ගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
මද්දුමකළුගේ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (අප්‍රේල් 10) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
Share this: