කොළඹ අලුත්කඩේ අධිකරණ නඩු ගබඩාවෙන් නඩු දෙකකට අදාළව පවුම් 44කට වැඩි රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, භාණ්ඩ තොග ගබඩාවේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් කෙසෙල්වත්ත පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇති බවයි.
මෙම රන් භාණ්ඩ කොළඹ පොලිස් ස්ථාන දෙකකට අදාළ නඩු භාණ්ඩ ලෙස ගබඩාවල ගබඩා කර තිබූ බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
Share this: