විදේශ අමාත්‍ය අලි සබ්රි මැයි 11 වනිද උදෑසන ස්වීඩනයේ ස්ටොක්හෝම් බලා පිටත්ව ගියේ මැයි 13 වන දින පැවැත්වීමට නියමිත දෙවන ඉන්දු පැසිෆික් අමාත්‍යවරුන්ගේ සංසදයට සහභාගී වීමටය.
යුරෝපා සංගමයේ කවුන්සිලයේ ස්වීඩන් සභාපතිත්වය යටතේ යුරෝපීය බාහිර ක්‍රියාකාරී සේවාව සමඟ සහයෝගයෙන් මෙම සංසදය සංවිධානය කර ඇත.
යුරෝපා සංගමයේ සහ ඉන්දු පැසිෆික් කලාපයේ විදේශ අමාත්‍යවරුන් මෙම සංසදයට සහභාගී වීමට නියමිතය.
Share this: