අලි සබ්රි අවබෝධතා ගිවිසුමකට

අලි සබ්රි අවබෝධතා ගිවිසුමකට

ලක්සම්බර්ග් සමඟ ද්විපාර්ශ්වික උපදේශන සඳහා ශ්‍රී ලංකාව අවබෝධතා ගිවිසුමකට (MoU) එළඹ ඇති බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි අනාවරණය කළේය.

මැයි 13 වැනිදා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර පැවති 2 වන යුරෝපා සංගමයේ (EU) ඉන්දු පැසිෆික් අමාත්‍යවරුන්ගේ සංසදයට සමගාමීව මෙම අවබෝධතා ගිවිසුමට එළැඹුණු බව අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අනාවරණය කළේය.

අලි සබ්රි ලක්සම්බර්ග් හි විදේශ අමාත්‍ය Jean Asselborn ද හමුවූ අතර, එහිදී ගුවන් සේවා සහ වෙළඳ, ආයෝජන සහ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන් ගිවිසුමක් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ඡා කරන ලදී.

Share this: