අලි රොෂාන් ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
ඒ නීති විරෝධී අයුරින් අලි ඇතුන් රඳවා තබා ගැනීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන, උසාවී කඩවීමෙන් පසුවයි.
අදාළ නඩුව ඊයේ (16) කැඳවූ අවස්ථාවේදී රහස් පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු විසින් වනජීවී දෙපාර්තම්න්තුවේ පවතින අලි ඇතුන් ලියාපදිංචි කිරීමේ අලිපොත කූඨ ආකාරයෙන් වෙනස් කොට අලි ඇතුන් රඳවාගෙන සිටින බවයි.
එහිදී රහස් පොලීසිය මගින් ප්‍රකාශ කර තිබුනේ, මේ වන විට වාර්තා වී ඇති අලි ඇතුන් 57 දෙනෙකුගේ ලියාපදිංචි වීම් සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බවයි.
පොලීසිය කළ ඉල්ලීමකට අනුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා විසින් සැකකරු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි.
තවද එදිනට පරීක්ෂණ වල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නියම කර තිබේ.