අලියෙක් බසයේ හැපෙයි

අලියෙක් බසයේ හැපෙයි

අද (12) අලුයම දඹුල්ල – හබරණ ප්‍රධාන මාර්ගයේ මීගස්වැව ප්‍රදේශයේදී බස් රථයක් වන අලියෙකුගේ හැපී මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත්ව එහි ගමන් ගත් මගීහු 9 ක් තුවාල ලබා හබරණ රෝහලට ඇතුළත් කර ඇත.

බරපතළ තුවාල නිසා 3 දෙනෙකු පොළොන්නරුවටත් 2ක් දඹුල්ල රෝහලටත් මාරු කර යවා ඇති අතර, අනතුරට පත් බස් රථය හබරණ පොලිසියට රැගෙන විත් තිබේ.

බස් රථයේ හැපුණු අලියාටද තුවාල සිදුව ඇති බවත්, අලියා කැලෑවට ගොස් ඇති බවත් පොලිසිය විශ්වාස කරයි.

තවද මෙම බස් රථය කොළඹ සිට දෙහිඅත්තකණ්ඩිය බලා ධාවනයවූ එකක් බව සදහන් වේ.

Share this: