වව්නියාව – ඕමන්ත, මඩත්තිවිලාන්කුලම් ප්‍රදේශයේ තිබී වන අලියෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
එම අලියාට වෙඩි තබා ඝාතනය කරන ලදැයි වනජීවි නිලධාරීන් සඳහන් කරයි
ප්‍රදේශයේ ගෙවත්තක තිබී මෙම මළසිරුර සොයාගත් බව වව්නියාව වනජීවි කාර්යාලය සඳහන් කළේය.
මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 30ක් පමණ වයසැති වන අලියෙකු බව සඳහන්ය.
වන අලියාට වෙඩි තැබීම සම්බන්ධයෙන් සැකපිට එම ගෙවත්තේ හිමිකරු අත්අඩංගුවට ගෙන ඇති බව වනජීවි නිලධාරීන් සඳහන් කරයි.
Share this: