අල්ලස් ගත් සැරයන් වසර 16 ක් හිරේට

අල්ලස් ගත් සැරයන් වසර 16 ක් හිරේට

නීත්‍යනූකූල දඬුවමෙන් වළකාලීම සදහා කසිප්පු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු කහවත්ත පොලිසියේ හිටපු පොලිස් සැරයන්වරයකුට වසර 16 ක බරපතල වැඩ සහිත සිරදඩුවමක් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු ප‍්‍රදීප් හෙට්ටිආරච්චි මහතා රුපියල් 20,000/-ක දඩයකටද ඔහු යටත් කළේය.

විත්තිකරු අල්ලස් වශ්‍යයෙන් ලබාගත් රුපියල් 15000/- ක අල්ලස් මුදල දණ්ඩනයක් ලෙස අයකර ගැනීමටද නියම කළ විනිසුරුවරයා විත්තිකරුට නියම කළ දඩ සහ දණ්ඩන මුදල් නොගෙවුවහොත් අමතර වසර 05ක සිරද`ඩුවමකටද ඔහු යටත් කළේය.

සමාජය අල්ලසින් බේරා ගැනීම සදහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඩුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ සහකාර අධ්‍යක්‍ෂ ජනරාල් නීතීඥ අනුරාධා සිරිවර්ධන මහත්මිය කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඩුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම චෝදනාවන්ට වරදකරු වු විත්තිකරුට අදාළ දඩුවම නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඩුවම් නියම වුයේ කහවත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයකු වශ්‍යයෙන් සේවය කළ ආර්.එම්. ජයසේන නමැත්තාටය.

2009 පෙබරවාරී මස 04 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කහවත්තේදී විත්තිකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා කහවත්ත පොලිසියේ පොලිස් සැරයන්වරයකු වශ්‍යයෙන් සේවයේ යොදවා සිටි විත්තිකරු නීත්‍යානූකූල දඩුවමෙන් වළකාලීම සදහා කසිප්පු ව්‍යාපාරිකයකුගෙන් රුපියල් 15,000/-ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීම ඇතුථ චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබිණි .මේ සම්බන්දයෙන් පැවැතී දීර්ඝ නඩු විභාගයේදී විත්තිකරුට එරෙහි චෝදනා හතරම පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කොට ඇතැයි තීරණය කළ විනිසුරුවරයා එම සියලුම චෝදනාවන්ට ඔහු වරදකරු කළේය.

එහිදී ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට වසර 16ක බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කොට ඇති අතර එම දඩුවම වසර 04ක කාලයකින් ගෙවී යන පරිදි ක‍්‍රියාත්මක කිරීමටද නියම කළේය.

Share this: