අරජුන එ.ජා.ප. සමඟ එක්වෙයිද?

අරජුන එ.ජා.ප. සමඟ එක්වෙයිද?

ඉදිරි පැවැත්වීමට පාර්ලිමේන්තු මැතිවරණයේ දී අමාත්‍ය අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් පෙරමුණක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කිරීමට සාකච්ඡා ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳව මේ දිනවල එක්සත් ජාතික පක්ෂයේ නායකයින් සමඟ සාකච්ඡා පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ ඉදිරි මහ මැතිවරණයට තරඟ කිරීමට ගෙන ඇති තිරණයත් සමග අර්ජුණ රණතුංග මහතා ඇතුළු පිරිසක් ඊට විරෝධය පළ කර ඇත.

ඒ අනුව ඔවුන් සන්ධානයෙන් ඉවත්ව වෙනමම පෙරමුණක් යටතේ එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තිරණය කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කළේය.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ද සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

මේ අතර දමිළ ප්‍රගතිශීලි සන්ධානය ද ඉදිරි මහ මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය සමඟ එක්ව තරඟ කිරීමට තීරණය කර ඇති බව පවසයි.

එහි නායක මනෝගනේෂන් මහතා සඳහන් කළේ මැතිවරණයට තරඟ කිරීම සම්බන්ධයෙන් අවසන් සාකච්ඡා මේ දිනවල සිදුකරමින් පවතින බවයි.

මධ්‍යම පලාත් සභා මන්ත්‍රී අසාද් සාලී මහතා පවසන්නේ, එක්සත් ජාතික පක්ෂයෙන් තමාට නාමයෝජනා නොලැබුණහොත් ඉදිරි මහ මැතිවරණයට මහනුවර දිස්ත්‍රික්කයෙන් ස්වාධීනව තරග කරන බවයි.

Share this: