අයෙක් මරුට – 13ක් රෝහලේ

අයෙක් මරුට – 13ක් රෝහලේ

අද අලුයම සිදුවු රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා තිබෙන බව දඹුල්ල , පැල්වෙහෙර ප්‍රදේශයෙන් වාර්තා විය.

පොලීසිය සඳහන් කළේ, අවමගුල් උත්සවයකට සහභාගී වී නැවත පැමිණෙමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් තුවාල ලැබූවන් දඹුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර බරපතළ තත්ත්වයේ පසු වු තිදෙනෙකු මහනුවර මහ රෝහලට මාරු කර යවා තිබෙන අතර, වෑන් රථයේ රියදුරුට නින්දයාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බව පොලීසිය පැවසුවේය.

Share this: