පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ පාචනය වැනි රෝග ව්‍යාප්ත වීමේ සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසයි.
වර්ෂාපතනයත් සමඟ මැස්සන් වැනි කෘමීන් බෝවීම වැඩිවීම එම රෝග ව්‍යාප්ත වීමට හේතු වන්නට ඇති බව පෙන්වා දෙන වෛද්‍ය පෙරේරා ඔවුන්ගෙන් දරුවන් ආරක්ෂා කර ගැනීමට සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කිරීම ඉතා වැදගත් බව සඳහන් කරයි.
මේ අතර පවතින තෙත් කාලගුණ තත්ත්වයත් සමඟ වසංගත රෝග ව්‍යාප්තිය ද ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය බලධාරීන් අනතුරු අඟවනවා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ (GMOA) මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අවධාරණය කළේ ජනතාව මේ සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
Share this: