අයථා පරිහරණ නඩුවෙන් නිදහස් වූ සජින් වාස්!

අයථා පරිහරණ නඩුවෙන් නිදහස් වූ සජින් වාස්!

රුපියල් කෝටි 100ක අලාභයක් සිදු කළ බවට චෝදනා එල්ල වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතා නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ. මිහින් ලංකා ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස කටයුතු කරන සමයේ ගොඩබිම් ආධාරක උපකරණ මිලදී ගැනීමේදී මෙම අකටයුත්ත සිදුවී ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මෙම නියෝගය නිකුත් කළේ අදාළ නඩුව පවත්වාගෙන යා නොහැකි බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගනිමින්.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබුණි.

Share this: