වැඩ බලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ඇමෙරිකානු රජය පනවා ඇති සංචාරක තහනම ඉවත් කරන තුරු අමෙරිකාවෙන් වීසා අයදුම් නොකරන්නැයි සියලූ දේශපේ‍්‍රමී ශ්‍රී ලාංකිකයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස් එම් මරික්කාර් ප්‍රකාශ කර සිටිනවා.ඔහු මේ බව සඳහන් කර සිටියේ විපක්ෂ නායක කාර්යාලයේ අද පැවති මාධ්‍ය සාකච්ජාවකට එක්වෙමින්.
පනවා ඇති තහනම ස්වාධීන ස්වෛරී රාජ්‍යයක් වන ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයාට දැමූ තහනමක් සේ සැළකිය යුතු යැයි ද එකී වාරණය තරයේ හෙළා දැකිය යුතු බවයි මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කර සිටියේ.
යුධ හමුදාපතිවරයාට එරෙහි තහනම ඉවත් කරන තුරු තමන් කිසිම විටෙක දී ඇමරිකාවෙන් වීසා නොඉල්ලන බව පැවසූ මන්ත්‍රිවරයා එම ක්‍රියාව සෙසු ශ්‍රී ලාංකිකයින් මෙන්ම විශේෂයෙන් පොදුජන පෙරමුණේ පිරිස්ද අනුගමනය කරන්නැයි ඉල්ලා සිටියා.