අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා දිවයිනට

අමෙරිකානු රාජ්‍ය ලේකම් මැයි 02දා දිවයිනට

එළඹෙන මැයි 02වන සෙනසුරාදා දින, අමෙරිකානු එක්සත් ජනපදයේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබේ.

ඉකුත් පාලන සමයේ අමෙරිකාව-ශ්‍රීලංකාව අතර දුර්වලව පැවති රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යලි ශක්තිමත් කරගනු පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය.

එසේම මෙම සංචාරයේදී ඉකුත් මැතිවරණය සාර්ථකව පැවැත්වීම හා බලය හුවමාරුව සිදුවීම කෙරෙහිද ඔහුගේ අවධානයට ලක්වනු ඇතැයි රොයිටර් පුවත් සේවය උපුටා දක්වයි.

තවද ශ්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝණයවීම් පිළිබඳව, එනම් විශේෂයෙන් පැවති යුදමය වාතාවරණය තුළ සිදුවූ අකටයුතුකම් පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇතැයිද වාර්තාවේ.

Share this: