අමාත්‍ය චමල් ගෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට සහතිකයක්

අමාත්‍ය චමල් ගෙන් රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්නට සහතිකයක්

කොවිඩ් වෛරසය වැළඳුණු රෝගීන්හට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය ඇඳන් පහසුකම් කඩමින් සකස් කරන වැඩසටහන තුළ මහවැලි අමාත්‍යාංශය හා වාරිමාර්ග රාජ්‍ය අමාත්‍යංශය එකමුතුව නිෂ්පාදනය ලබන ඇදන් පිලිබඳව සොයා බැලීමටත් ඔවුන්ගේ මේ කැපවීමට හා මහන්සියට ස්තුති කිරීමටත් වාරිමාර්ග හා මහවැලි අමාත්‍යංශයන් හි කැබිනට් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ වාරිමාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා අද දින (2021/05/13) රත්මලානේ පිහිටි
මහවැලි හා වාරිමාර්ග යාන්ත්‍රික ඉංජිනේරු වැඩපළෙහි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

එහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ බැසිල් රාජපක්ෂ මහතා හදිසියේ විදේශ ගත වුවත් ඔහුගේ සියලූ වගකීම් හා ඔහු ගෙන් ඉටුවිය යුතු කාර්ය ඊටත් වඩා කාර්යක්ෂමව සිදු කරගෙන යාමට කටයුතු සිදුකරන බවත්, බැසිල් රාජපක්ෂ මහතා සිදු කරන ගෙන යන සියලු කටයුතු සඳහා පූර්ණ සහයෝගය අනුරාධ ජයරත්න වැනි තරුණ නායකයින්ගෙන් ලැබෙන බවත් ඔවුන්ට අප ඒ ගමන යාමට ශක්තියක් වන බවත්ය.

Share this: