අම්බලන්ගොඩින් කසල තේ තොගයක් හමුවෙයි

අම්බලන්ගොඩින් කසල තේ තොගයක් හමුවෙයි

අම්බලන්ගොඩ ප්‍රදේශයෙන් මිනිසුන්ට පරිභෝජනය කිරීමට නුසුදුසු තේ තොගයක් සොයා ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකාය පවසන්නේ මෙම තේවලට රසායනික ද්‍රව්‍ය මිශ්‍රකර අලෙවියට සුදානම්කර තිබු බවයි.

පොලිස් වි‍ශේෂ කාර්ය බළකා ගාල්ල කඳවුරේ නිලධාරින් ලැබුණු තොරතුරුකට අනුව සිදුකළ වැටලිමකදී මෙම තේ තොගය සොයාගෙන ඇති බව සඳහන්ය.

තවද තේ කිලෝ ග්‍රෑම් 86ක් එහිදි පොලිස් විශේෂ කාර්ය බළකා භාරයට ගෙන තිබේ.

වැටළිම සිදුකරන අවස්ථාවේ එම ස්ථානයේ සිටි කාන්තාවක අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්ය.

අදාළ කාන්තාව වැඩිදුර විමර්ශන සඳහා අම්බන්ගොඩ පොලිස්ථානය වෙත භාරදී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පැවසුවේය.

Share this: