අභ්‍යවකාශයෙන් එන අද්භූත විදුලි තරංග මාළාවක් විද්‍යාඥයින් හසුකර ගනියි

අභ්‍යවකාශයෙන් එන අද්භූත විදුලි තරංග මාළාවක් විද්‍යාඥයින් හසුකර ගනියි

අභ්‍යවකාශයේ සිට පැමිණෙන අද්භූත වේගවත් ගුවන් විදුලි තරංග මාළාවක් තාරකා විද්‍යාඥයින් විසින් දෙවන වරටත් ග්‍රහණය කර ගැනීමට සමත්ව තිබෙනවා.

මෙම වේගවත් ගුවන් විදුලි තරංග මාළාවන් FRBS යනුවෙන් හඳුන්වනු ලබන අතර අභ්‍යවකාශයේ ඇති මන්දාකිණි වලින් නිකුත් වනු ලබන්නේ මිලිතත්ත්පර ගණනක තරංග නිකුත් වීමක් බවට හඳුනා ගැනීමට තාරකා විද්‍යාඥයින් සමත්ව ඇත.

නමුත් මෙම රේඩියෝ තරංග නිකුත් වීමේ සැබෑ හේතුව කුමක්ද යන්න සම්බන්ධයෙන් විද්‍යාඥයින් මේ දක්වා සොයා ගෙන නැත.

අභ්‍යවකාශයේ සිට පැමිණෙන මෙම රේඩියෝ තරංග යම් කිසි කාල රාමුවක් තුල එක් වරක් පමණක් නිකුත් වනු ලබන බවයි එහි රටාව සම්බන්ධයෙන් අධ්‍යනය කරනු ලබන විද්‍යාඥයින් සඳහන් කරන්නේ.

දෙවන වරට වාර්තා වූ මෙම රේඩියෝ තරංග පළමු වරට විද්‍යාඥයින් විසින් ග්‍රහණය කර ගැනීමට සමත්ව ඇත්තේ මේ වසරේ මුල් කාල සීමාවේදීය.

කෙසේ වුවත් අභ්‍යවකාශයෙන් නිකුත් වනු ලබන එම රේඩියෝ තරංග පළමු වරට තාරකා විද්‍යාඥයින් විසින් ග්‍රහණය කර ගැනීමට හැකිව ඇත්තේ 2016 වසරේදීය.

Share this: