අපේ රජය යටතේ  FCID නවීකරණය කරනවා

අපේ රජය යටතේ FCID නවීකරණය කරනවා

සන්ධානයේ මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානය බලයට පැමිණි විගස පොලිස් මූල්‍ය අපරාධ ඒකකය නවීකරණය කරන බවයි.

කොළඹ අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

තවද මහ බැංකු අ‍ධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට මේ වන විට උසාවියෙන් නොතීසි නිකුත් කර ඇති බවත්, ඔහුගේ විදේශ ගමන්ද අවලංගු කර ඇති බවත්, කෙසේ නමුත් ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය සිංගප්පූරූවේ එක්ක බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම අර්ජුන මහේන්ද්‍රන්ට අයත් විදේ‍ශ ගමන් බලපත්‍රය ලංකාවට අයත් බලපත්‍රයක් නොවන හෙයින් එම ගමන් බලපත්‍රය උසාවි බාරයට ගැනීමට හැකියාවක් ඇතිද? යන්න ප්‍රශ්න සහගත බව ඒ මහතා කියා සිටියේය.

එහිදී ප්‍රේමජයන්ත මහතා එහිදී පෙන්වා දුන්නේ මහ බැංකුවේ අධිපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවයි.

තවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය කාලයේදී මහ බැංකු අධිපතිවරයාව ඉවත් කරන ලෙසට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් ක‍ළද ඔහු එය පිළිගෙන නැත.

එසේම මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා වැඩ බාරගත් පසු මේ වන තෙක් දිවුරුම්දී නොමැති බවත්, ඔහු දිවුරුම් නොදුන්නේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවන නිසාය.

ඉදිරියේදී නැවතත් ‍භීෂණ යුගයකට රට පැමි‍‍ණෙන බවත්, සම්බන්ධන්ලාගේ ප්‍රතිපත්ති ප්‍රකාශවලින් පවා ඒ බව ඔප් නැංවෙන බවත් හෙතෙම අවධාරණය කල අතර, ඉදිරි මහ මැතිවරණයේදී අනිවර්යයෙන්ම දිස්ත්‍රික්ක 14ක් ජයග්‍රහණය කරන බවත්, අගෝස්තු 17 වැනිදායි පසු සන්ධාන ආණ්ඩුවක් ස්ථාපනය කරන බවත් ඒ මහතා වැඩිදුරටත් එහිදී අවධාරණය කර සිටයේය.

Share this: