චීනයෙන් අපට අසන්නට ලැබෙන මේ පුවත නම් ඔබ ප්‍රිය කරන්නක් නොවේ.චීනයේ Yulin (යුලින්) පළාතේ මේ දිනවල අමුතු උත්සවයක් පැවැත්වෙනවා. මේ නගරයට යන බොහෝ දෙනෙකුට ඝාතකාගාර අසල දැකගන්න ලැබෙන්නේ දුගඳ හමන අපිරිසිදු ජලය , බලු ලොම් , ලේ සහ පුළුස්සා දැමුණු හම් කැබලි ය. ඒ අතරම තවත් පසෙකින් කූඩු වල සිරගත කර ඇති බල්ලන් දැකගන්නට පුළුවන්. ඒ Yulin උත්සවයට මිනිසුන් ලැස්තිවෙන ආකාරයයි.
කුමක් ද මේ Yulin උත්සවය? යුලින් යනු වාර්ෂිකව පැවැත්වෙන සැණකෙළියක්. මෙම උත්සවයට සැමරීම සඳහා බලු මස් ආහාරයට ගැනීම ඔවුන්ගේ සිරිතයි. මෙය සාමාන්‍යයෙන් ජුනි මාසයේ පැවැත්වෙන අතර මේ වසරේ 21 සහ 22 දින මේ සඳහා යොදාගැනීමට කටයුතු සුදානම් කර අවසන්. වාර්ෂිකව පැවැත්වෙන මේ උත්සවය සඳහා අවශ්‍ය බලු මස් සපයාගැනීම සඳහා බොහෝ විට නිවෙස් වලින් සොරාගන්නා සහ වීදිවල වෙසෙන සුනඛයන් 10,000ක් පමණ යොදාගන්නා බව සත්වා හිංසනය පිටුදැකීමේ ක්‍රියාකාරීන් පවසනවා.
වසර දහස් ගණනක සිට මිනිසාගේ පරම මිතුරා සහ ආරක්ෂකයා වු බල්ලන්, බළලුන් ට මෙම ඉරනම අත්වීම පිළිබදව සත්ව අවිහිංසා ක්‍රියාකාරීන් දක්වන්නේ දැඩි කණගාටුවක්.
කුමක් ද මේ Yulin උත්සවය? අපි ඒ ගැන සොයා බැලුවා. යුලින් යනු වාර්ෂිකව පැවැත්වෙන සැණකෙළියක්. මෙම උත්සවයට සැමරීම සඳහා බලු මස් ආහාරයට ගැනීම ඔවුන්ගේ සිරිතයි. මෙය සාමාන්‍යයෙන් ජුනි මාසයේ පැවැත්වෙන අතර මේ වසරේ 21 සහ 22 දින මේ සඳහා යොදාගැනීමට කටයුතු සුදානම් කර අවසන්. වාර්ෂිකව පැවැත්වෙන මේ උත්සවය සඳහා අවශ්‍ය බලු මස් සපයාගැනීම සඳහා බොහෝ විට නිවෙස් වලින් සොරාගන්නා සහ වීදිවල වෙසෙන සුනඛයන් 10,000ක් පමණ යොදාගන්නා බව සත්වා හිංසනය පිටුදැකීමේ ක්‍රියාකාරීන් පවසනවා. ඒ වගේම ලොව පුරා විවිධ සත්ව හිංසනය පිටු දැකීමේ ව්‍යාපාර මෙම උත්වයට දැඩි විරෝධයක් එල්ල කරමින් පවතියි. #stopyulin2015 යන හෑෂ්ටැග් එක යටතේ ලොව පුරා සමාජ ජාල වෙබ් අඩවි පුරා මේ සඳහා විරෝධය එල්ල වෙමින් පවතියි.
මේ බලු මස් ආහාරයට ගැනීමේ උත්සවයේ ආරම්භය 1990 දශකයට දිවෙන අතර මේ සම්ප්‍රදාය බොහෝවිට පවතින්නේ වැඩිමහලු පුද්ගලයන් අතර බවටත් දැනගන්නට ලැබේ. මේ මස් අනුභාවයෙන් ඔවුනට ඉහල ශරීර උෂ්ණත්වයක් පවත්වාගැනීමට හැකි ය යන මිත්‍යා මතය නිසා බොහෝ විට ඔවුන් මේ සඳහා යොමුවෙයි. ඒ වගේම බොහෝ පුද්ගලයින් මෙම සුනඛයින් මැරීම ජීවිකාව කරගෙන ඇතැයිද වාර්තා වේ.
සටහන සී. එදිරිමාන්න