‘අපේ කාර්යභාරය 100න් ඔබ්බට‘ – ඇමැති රවී

‘අපේ කාර්යභාරය 100න් ඔබ්බට‘ – ඇමැති රවී

මුදල් අමත්‍ය රවී කරුණානායක මහතා කියා සිටින්නේ, වත්මන් ආණ්ඩුවට කටයුතු කළ හැක්කේ දින සියයක කාලයක් පමණක් බවට ඇතැම් පාර්ශ්ව කියා සිටිය ද එහි කාර්යභාරය දින සියයෙන් අවසන් නොවන බවයි.

19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත වීම ඊට කදිම නිදසුනක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රවී කරුණානායක අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ලංකා හොස්පිට්ල්ස් හි නවීකරණය කරන ලද නව පිවිසුම් ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.

ආණ්ඩුව ඉදිරිපත් කළ 19 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන් 212කුගේ කැමැත්ත ඇතිව සම්මත වුනු අතර, අමාත්‍යවරයා සඳහන් කළේ එය ජනතාව ලද ජයග්‍රහණයක් බවයි.

ජනතාව යහපාලන ආණ්ඩුව තෝරා පත් කර ගත්තේ එතෙක් පැවැති දූෂිත පාලනය පළවා හරිමිනි. ඔවුන් ගෙනගිය විනෝදකාමී ආර්ථික රටාව වෙනුවට අද ජනතාව වෙනුවෙන් පෙනී සිටින සැබෑ පාලනයක් පත්ව ඇති බව හෙතෙම කියා සිටියේය.

එබැවින් තමන්ට සේවයක් කර ගැනීම නොම ජනතාවට සේවය කිරීම මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුවේ කාර්යභාර්යයැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය

Share this: