අපේක්ෂිත ආදායම ඉක්මවූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

අපේක්ෂිත ආදායම ඉක්මවූ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ වසරේ මුල් කාර්තුවේදී අපේක්ෂිත ආදායමට වඩා සියයට 105ක ආදායමක් උපයාගෙන ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඌරාපොල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එම ආදායමෙන් වැඩි ප්‍රමාණයක් උපයාගෙන ඇත්තේ ශ්‍රී ලංකා රේගුව බවයි.

වසර පුරා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉලක්කය අයවැයේ සඳහන් පරිදි ඇමෙරිකානු ඩොලර් බිලියන 1,665ක් බවත් පළමු කාර්තුවේ ඉලක්කය රු. බිලියන 302 කි. “ආදායම් එකතු කිරීමේ රටාවක් තියෙනවා. ඒක පදනම් කරගෙන අපි කාර්තු බෙදනවා.”

ඒ අනුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඇමෙරිකානු ඩොලර් බිලියන 302ක් උපයා ගැනීමට අවශ්‍ය බවත් එසේ වුවද ඔවුන් උපයාගෙන ඇති ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 316ක් බවත් රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

Share this: