චීන බිලියනපතියකු වන Tiens සමාගම් ජාලයේ සභාපති ලී ජින්යුවාන්සිය සමාගමට වසර 20ක් පිරීම නිමිති කොට ගෙනසාය සේවකයන්ට අපූරැ අත්දැකීමක් ලබා දුන්නේය. ඔහු ප්‍රංශයේ පැරිස් නුවර හෝටල් 140ක් වෙන්කර තමන්ගේ සේවකයන් 6400ක් සමඟ නිවාඩුවක් ගත කිරීමට ගියේය. ඔහු මෙලෙස තමන් යටතේ සේවය කරන සේවකයන් විශාල ප්‍රමාණයක් රැගෙන සිව්දින නිවාඩුවක් සඳහා ප්‍රංශයට පැමිණීමෙන් නවතම ගිනස් වාර්තාවක් පිහිටවන්නට සමත්විය. ඒ විශාලම මිනිස් දාමය සඳහා වූ ලෝක වාර්තාවයි.
පැරිස් නුවරට පැමිණීමෙන් අනතුරුව ඔවුන් සුන්දර Cote D’Azur වෙත ගමන් කරන්නට විය. එහිදී මේ සංචාරක පිරිස වෙනුවෙන් Cannes සහ Monaco වල තරු 4 සහ 5හේ හෝටල් කාමර 4760ක් වෙන්කර තිබිණ.
සැකසුම – සී.එදිරිමාන්න
Share this: