අපේ මේ නව රජය නිදාගෙන නොසිටින බවත් නිතරම ජාත්‍යන්තරයත් සමඟ එක්වී කටයුතු කරන එකක් බව නිවාස හා සමෘද්ධි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය
ඔව්හු බව පැවසුවේ ‘සහන දිරිය“ වැඩසටහන යටතේ ලංකා බැංකුවේ අනුග්‍රහය ඇතිව ලුණුගම්වෙහෙර ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ රුපියල් 100,000 බැඟින් පුද්ගලයන් 180 දෙනෙකුට ණය පිරිනැමීමේ උත්සවයකට සහබහගි වෙමෙනි .
එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය මාර්තු මාසයේදී අපේ රටට එරෙහිව ගෙනෙන්ට නියමිතව තිබු මානව හිමිකම් සම්බන්ධ යෝජනාව නව රජයේ ඉල්ලීම පරිදි මාස 06 කින් කල්තබා ගැනීමට හැකි වූ බවයි.
තවද යම් හෙයකින් ඒ යෝජනාව මාර්තු මාසයේදී ඉදිරිපත් කර සම්මත කලා නම් මුළු ලෝකයෙන්ම අපේ රටට එරෙහිව සම්බාධක පැනවෙන්නට ඉඩ තිබුණු බව ඒ මහතා පැවසිය.
එසේ වුණානම් අපේ රටේ නිෂ්පාදිත මිලදී ගැනීම ජාත්‍යන්තරය විසින් වර්ජනය කරනවා.
තව ද අපේ අපනයන කඩා වැටෙන බවත් කර්මාන්ත ශාලා වැසි ගොස් රැකියා මාර්ග අහිමි වීමට තිබු බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය.