ජාතික නිදහස් පෙරමුනේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ, එළඹෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්ව තරඟ කරන බවයි.
තවද ඔහු පෙන්වා දෙන්නේ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට හිටපු ජනාධිපතිවරයා අනිවාර්යයෙන් ඉදිරිපත් වන බවයි.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මහින්ද රාජපක්ෂ මහතාට නාමයෝජනා ලැබුනද, නොලැබුනද ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීම සිදුවන බව ඔහු සඳහන් කළේය.
Share this: