අපි ජනපතිවරණයට එන්නේ පුළුල් සන්ධානයකින්

අපි ජනපතිවරණයට එන්නේ පුළුල් සන්ධානයකින්

අපි සියලූම දෙනා එකතුවෙලා අභියෝගවලට මුහුණදෙන්න පුළුල් සන්ධානයක් ඇති කරන්න බලාපොරොත්තු වෙනවා. පාඨලී චම්පික රණවක මහතාගේ පක්‍ෂය මෙන්ම අනෙකුත් දෙමළ, මුස්ලිම් සියලූම පක්‍ෂ එකතු කරගෙන ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ ලබන අගෝස්තු 5 දා ආරම්භ කරනවා යැයි අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (23/07/2019).අවිස්සාවේල්ල නගරයේ නව නගර සංවර්ධන සැලැස්ම ආරම්භ කරමින් අගමැතිවරයා එසේ පැවසීය. හෙතෙම වැඩිදුරටත් මෙසේද කීය.

අනාගතයේ අභියෝගවලට මුහුණ දෙන්න සංවිධානයක් ඇති කරන්න ඕනෑ. අලූත් ප‍්‍රතිපත්තිවලින් රට ඉදිරියට ගෙනියන්න ඕනෑ. සියලූම අභියෝග ජයගෙන අපි ඉදිරියට යනවා. අපි රටේ ණය බර අඩු කළා. අවුරුදු දෙකක් අපි බැනුම් ඇහුවා. ජල ගැලීම්වලට නියඟවලට මුහුණ දුන්නා. ව්‍යවස්ථා කුමන්ත‍්‍රණයට මුහුණ දුන්නා. අවසානයට බෝම්බ ප‍්‍රහාරයට මුහුණ දුන්නා.

දැන් මාස තුනක් ඇතුළත රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කළා. අද සංචාරකයන් එනවා. ස්ථාවරභාවයක් ඇති කළා. මේ රට හදලා රට ඉදිරියට ගෙනියන්න අපි පුළුල් සන්ධානයක් ඇති කරනවා. මෙම සන්ධානයට අලූත් අයට බැඳෙන්න පුළුවන්.

මෙම සන්ධානයේ ප‍්‍රධාන හවුල්කාර පක්‍ෂය අපි. ප‍්‍රතිපත්ති පදනම් කරගෙන ඉදිරි ජනාධිපතිවරණය හා මහ මැතිවරණයට මුහුණ දෙනවා.

Share this: