අපි උසාවි යනවා – පියසිරි විජේනායක

අපි උසාවි යනවා – පියසිරි විජේනායක

ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පියසිරි විජේනායක මහතා පවසන්නේ, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු ලේකම් සුසිල් ප්‍රේමජයන්ත මහතා පාවාදීමක් සිදු කර ඇති බවයි.

එම පාවාදීම සිදුකර ඇතේ, ජාතික ලැයිස්තුවෙන් මුලින් නම් කළ පිරිස කපා හැර පරාජිතයන් නම් කර මැතිවරණ කොමසාරිස්වරයාට යවමින් බව ඊයේ (23) අභයාරාමයේ දී පැවැති මාධ්‍ය හමුවක දී ඔහු පැවසීය.

පියසිරි විජේනායක මහතා ද ජාතික ලැයිස්තුවට නම් කර තිබුණත්, ඔහුට ද ජාතික ලැයිස්තුවෙන් එම අවස්ථාව නොලැබුණු අතර, ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අධිකරණයට යන බව ද ඔහු කීවේය.

තවද මාධ්‍ය හමුවට එක්ව සිටි හිටපු ජනපතිගේ ආගමික කටයුතු සම්බන්ධීකාරක ගලගම ධම්මරංසි හිමියන් මාධ්‍ය සාකච්ඡාවේ දී කියා සිටියේ මෙවර මැතිවරණ ප්‍රතිඵලය ගැන සැක බැවින් ඉදිරියේ දී අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවයි.

කම්කරු ප්‍රජාව නියෝජනය කරමින් සන්ධාන ජාතික ලැයිස්තුවේ සිටියේ ලෙස්ලි දේවේන්ද්‍ර සහ තමා බවත්, කම්කරු පන්තිය නියෝජනය කරන කිසිවකු ජාතික ලැයිස්තුවෙන් නම් කර නැති බවත්, මහජන එක්සත් පෙරමුණේ සෝමවීර චන්ද්‍රසිරි මහතා පැවසීය.

Share this: