කොවිඩ් 19 වසංගතය නිසා මෙතෙක් අත්හිටුවා තිබු රාජ්‍ය හා පුද්ගලික අංශයේ වැඩ කටයුතු මෙම මස 20න් පසුව අදියර කිහිපයක් යටතේ ආරම්භ කිරීමට රජය විසින් තීරණය කර තිබෙනවා.
ඒ් අනුව සේවා ස්ථාන සඳහා පැමිණෙන කාර්ය මණ්ඩලවල පහසුව සැලසීමට පොදු ප්‍රවාහණ සේවා යළිත් සුපුරුදු පරිදි යෙදවීමට ප්‍රවාහණ කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ (17) අමාත්‍යාංශයේ නිලධාරින් හට උපදෙස් ලබාදී ඇත.
ඒ් අනුව ලංගම බස් රථ 5000ක් හා දුම්රිය 400ක් සුපුරුදු පරිදි පොදු ප්‍රවාහණ සේවා කටයුතු සඳහා යෙදවීමට කටයුතු යොදා ඇති අතර සියලු පොදු ප්‍රවාහණ කටයුතු ආරක්ෂක අංශ හා සෞඛ්‍ය අංශ විසින් ලබා දී තිබෙන මාර්ගෝපදේශණ යටතේ ක්‍රියාත්මක කිරීමට වගබලා ගන්නා ලෙසත් අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් නිලධාරින්හට උපදෙස් ලබාදී ඇත.
සේවය සඳහා වාර්තා කරන කාර්යාල මණ්ඩල ප්‍රවාහනය සඳහා යොදවා තිබෙන කාර්ය මණ්ඩලවල ආරක්ෂාවට අවශ්‍ය මුඛ ආවරණ සියලු දෙනාට සපයන ලෙසත්ල විෂබීජානුහරණයට අවශ්‍ය විෂබීජ නාශක ලංකා ඛනිජතෙල් සංස්ථාවෙන් ලබා දිය හැකි බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර සිටියා.
එමෙන්ම කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවලට දුරබැහැර සිට එළවළු පලතුරු ඇතුළු ආහාර ද්‍රව්‍ය ප්‍රවාහණයේ දී පවතින දුර්වලතාවයන්ට විසඳුමක් වශයෙන් දුම්රිය යොදා ගැනීම සම්බන්ධව අමාත්‍යවරයා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසා තිබෙනවා.
කිසියම් පාර්ශ්වයක් ඒ සඳහා ඉල්ලීමක් කරන්නේ නම් එම ද්‍රව්‍ය ප්‍රවාහණය සඳහා බලවේග දුම්රිය කට්ටල ලබා දිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරිවරයා ප්‍රකාශ කර ඇත.