අප්‍රේල් මස ජනපති ඉන්දුනිසියා යයි

අප්‍රේල් මස ජනපති ඉන්දුනිසියා යයි

ඉන්දුනිසියා මාධ්‍ය වාර්තා කරේ, ඉන්දුනිසියාවේ පැවැත්වෙන 60 වන ආසියා අප්‍රිකා සමුළුව සදහා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වන බව තහවුරු කර ඇති බවයි.

තවද, එම මාධ්‍ය සදහන් කර තිබෙන්නේ එරට විදේශ නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්. ෆයිසර් පසුගිය 16 වනදා ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති බවයි.

ඉන්දුනිසියා විදේශ අමාත්‍යංශය නිවේදනය කලේ ශ්‍රී ලංකාවේ නව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පලමු ඉන්දුනිසියානු සංචාරය මෙය වන බවයි.

තවද, නියෝජ්‍ය අමාත්‍ය ඒ.එම්. ෆයිසර් සදහන් කර තිබෙන්නේ මෙම සමුළුට සහභාගී වීමට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වෙත ආරාධනා යොමු කළ අතර එම ආරධානාව සුහදව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පිලිගත් බවයි.

එමෙන්ම එම නිවේදනයේ සදහන් කර තිබුනේ, ආසියා අප්‍රිකා සමුළුව ආරම්භක රාජ්‍යයන් වන ශ්‍රී ලංකාව එහි 60 වන සමුළුව සදහා පැමිණිම වැදගත් වන බවයි.

තවද, ෆයිසර් මහතා ශ්‍රී ලංකා සංචාරයේදී මෙරට විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා සමග ද්විපාර්ශිවික සාකච්ඡාවක නිරත වී තිබේ. එහිදී දෙරටට බලපානු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් අවධාණය යොමු වු බවත් සබඳතා තරකර ගැනීමක් ද සිදුව ඇත.

මෙම ආසියා අප්‍රිකා සමුළුව ආරම්භය කරනු ලැබුවේ 1955 අප්‍රේල් 18-24 යන දිනවල ඉන්දුනීසියාව, මියන්මාරය (බුරුමය), ලංකා (ශ්‍රී ලංකාව), ඉන්දියාව, සහ පකිස්තානය මූලිකත්වයෙනි.

Share this: