අප්‍රිකානු රටවල්වලට අපනයනයට බාධක කිසිත් නැ – අමාත්‍ය රවි

අප්‍රිකානු රටවල්වලට අපනයනයට බාධක කිසිත් නැ – අමාත්‍ය රවි

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසන්නේ, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් අප්‍රිකානු රටවල්වලට අපනයනය කිරීමට තිබුණු මුලික බාධක දැන් ඉවත්ව ඇති බවයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින්, අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (22) පස්වරුවේ සුඩාන තානාපති Dr. Hassan E. El Talib අතර හමුවක් එම අමාත්‍යංශයේ පැවැති පසුවයි.

සූඩාන තානාපතිවරයා මෙරටට පැමිණියේ අප්‍රිකානු රටවල් ගණනාවක නියෝජිතයෙක් වශයෙන් බව අමාත්‍යවරයා පැවසිය.

තවද, ශ්‍රී ලංකාවේ නිෂ්පාදනයන් අප්‍රිකානු රටවල්වලට තවමත් විධිමත් ලෙස අපනයනය සිදු නොකරන අතර ඒ සම්බන්ධයෙන් සුඩාන තානාපති හමුවේ සාකච්ඡා වී තිබේ.

තවද, අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය, එම සාකච්ඡාවලදී පැවැති මුලික බාධක ඉවත් කිරීමට හැකිව ඇති අතර ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ යෝජනා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා වු බව.

Share this: