තමා රාජ්‍ය නායකයා ලෙස කටයුතු කරන කාලය තුළ රටේ නීතිය හා සාමය කඩවීම කිසිසේත්ම නොඉවසන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ජනප්‍රිය දේට වඩා නිවැරදි දේ කිරීමට තමා ප්‍රමුඛත්වය දෙන බවත් ජනප්‍රිය අදහස් ඉදිරිපත් කිරීමෙන් රට විනාශ විය හැකි බවත් ඔහු අවධාරණය කළේය.
ඊයේ (අප්‍රේල් 01) සවස ත්‍රිවිධ හමුදාපතිවරයා ලෙස අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේදී ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් සහ සෙසු නිලයින් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
මහමඟ ප්‍රචණ්ඩකාරී උද්ඝෝෂණවල යෙදීමට කිසිවකුට අයිතියක් නොමැති නමුත් සාමකාමී ලෙස තම අදහස් ප්‍රකාශ කිරීමට හෝ විවේචනය කිරීමට සියලු දේශපාලන පක්ෂවලට අයිතියක් ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
Share this: