රාජ්‍ය සේවකයන්ගේ වැටුප්, විශ්‍රාම වැටුප්, සමෘද්ධි දීමනා ඇතුළු ප්‍රතිලාභ අප්‍රේල් 10 වැනිදාට පෙර ලබාදීමට කටයුතු කරමින් සිටින බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සහතික වෙයි.
එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු උත්සවය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.
එම ඉලක්කය සපුරා ගැනීම සඳහා කඩිනමින් ක්‍රියාත්මක කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
Share this: