අපරාද වලට ඉඩක් නැ – පොලිස්පති

අපරාද වලට ඉඩක් නැ – පොලිස්පති

බරපතළ අපරාධවලට සම්බන්ධ පාතාල කණ්ඩායම් ඇතුළු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා පවසයි.

ඉලංගකෝන් මහතාගේ උපදෙස් මත මෙම මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, ඒ අනුව අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් දියත් කරන ලෙස පොලිස්පතිවරයා පළාත් භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත.

තවද පාතාල කණ්ඩායම් ඇතුළු අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් පොලිස් විශේෂකාර්ය බලකාය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින්ගෙන් සමන්විත විශේෂ කණ්ඩායමක් මේ වන විටත් පත් කර ඇති බව සඳහන්ය.

Share this: