“අපට සිටින මිහිපිට දෙවියන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පමණයි” කිත්සිරි ගංගනාත් මහතා පවසයි

“අපට සිටින මිහිපිට දෙවියන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පමණයි” කිත්සිරි ගංගනාත් මහතා පවසයි

අපට සිටින මිහිපිට දෙවියන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පමණයි.

අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් කිත්සිරි ගංගනාත් මහතා පවසයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ජන්ම දිනය නිමිත්තෙන් “අසරණ වූ ජීවිතයකට පිළිසරණක් වෙමු”යන තේමාව යටතේ ලේ දන්දීමේ මහා පුණ්‍ය වැඩසටහනක් හක්මන ප්‍රාදේශීය සභා ශාලාවේ දී 2020/11/15 දින පැවැත්විණ.
අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මැතිතුමාගේ සංකල්පයක් සහ පූර්ණ අනුග්‍රහය යටතේ සිදු කරනු ලැබූ මෙම ලේ දන්දීමේ පුණ්‍ය වැඩ සටහන ප්‍රදේශයේ විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේලාගේ
සහභාගිත්වයෙන් හා බෞද්ධ චාරිත්‍රවලට මුල්තැන ලබා දෙමින් පිරිත් සජ්ජායනා මධ්‍යයේ ආරම්භ කරනු ලැබීය.
හක්මන ප්‍රාදේශීය සභාව,ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,සෞඛ්‍ය සේවා කාර්යාලය සහ පොලිසිය එකතුවෙන් සංවිධානය කරනු ලැබූ මෙම ලේ දන්දීමේ පුණ්‍ය වැඩසටහන ඳහා ප්‍රදේශයේ විශාල පරිත්‍යාගශීලින් ප්‍රමාණයක් සහභාගී වී සිටියහ.
එහිදී විශේ…
අපි හැමෝම ජීවත් වෙන්න කැමති යි. මේ කෙළවරක් නො පෙනෙන සංසාර කල ගමනෙදි මිනිස් ජීවිතයක් ලැබෙන්නේ ඉතාමත් ම කළාතුරකින්. එහෙම ලැබෙන මිනිස් ජීවිතය, ධර්මය ගලපා ගන්නට කලින් ම අකාලයේ මිලින වෙලා ගියොත් ඒක මොනතරම් නම් අවාසානාවක් ද..?

ඒ නිසා ම තමයි ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන කෙසේ හෝ ජීවිතයට ධර්මය ගලපා ගත යුත්තේ.

අපට කොයි වෙලාවේ මොන අනතුරක් වෙයි ද කියල අපි කවුරුත් දන්නේ නැහැ.
බලන්න මේ දිනවල පැතිර යන corona වෛරසය.

ජීවිතේ තියෙන අස්ථිර බව ම තමයි හැම පැත්තෙන් ම මතු වෙන්නේ.

දිනපතා ම හදිසි අනතුරු සහ විවිධ රෝගාබාධ ආදිය නිසා විශාල මිනිසුන් පිරිසක් මෙලොව අතහැර යනවා.

ඒ විතරක් නොවෙයි, තවත් බොහෝ පිරිසක් රෝහල්වල දුක් විඳිනවා.

නමුත්, කොතරම් එබඳු සිදුවීම් දුටුවත්, තමන්ට එබඳු දෙයකට මුහුණ පෑමට සිදු වන තුරු ම, බොහෝ දෙනෙකුට ජීවිතයේ ඇති අසරණකම වැටහෙන්නේ නැහැ.

අන්න ඒක තමයි ඇත්ත.

රුධිරය අපේ සිරුර පුරා ප්‍රාණය රඳවන ජීව දියරයක්.

සිරුරේ සෛලවලට අවශ්‍ය ඔක්සිජන් ආදියත්, ශරීරයේ වර්ධනයට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ආදියත්, සිරුර පුරා සංක්‍රමණය වන්නේ එමඟින්.

එපමණක් නොව විවිධ රෝග කාරකයන්ට එරෙහිව, ප්‍රතිශක්තිය උපදවා ගැනීම පිණිස ත්, රුධිරයෙන් විශාල දායකත්වයක් ඉටුවෙනවා.

කොටින් ම කිව්වොත්, ජීවයේ පැවැත්මට රුධිරයේ කාර්යභාරය අති මහත්.

නොයෙක් හේතු නිසා සිරුරේ රුධිර ප්‍රමාණය අනපේක්ෂිත ලෙස පහළ බසින අවස්ථා තිබෙනවා.

එබඳු අවස්ථාවල දී ජීවිතය ප්‍රබල ලෙස අනතුරට ලක් වෙනවා.

හදිසි අනතුරු ආදියේ දී සිදුවන අධික රුධිර වහනය, ඩෙංගු වැනි රෝගවල දී සිදු වන රුධිර පට්ටිකාවල ක්ෂණික පහළ බැසීම සහ ලියුකේමියා වැනි තත්ව වල දී සිදුවන රුධිර සෛලවල පහළ යෑම මේ සඳහා. ඒ මම කිව්වේ උදාහරණ කීපයක් කිහිපයක් පමණ යි.

මෙබඳු අවස්ථාවල දී වහා ම රුධිරය ශරීර ගත කිරීම සිදු නො කළ හොත්, බොහෝ විට රෝගියා මිය යෑම සිදු වෙනවා.

මේ නිසා රුධිර පාරවිලයනය හෙවත් බාහිරින් රුධිරය ශරීරගත කිරීම ජීවිත සුරැකීමේ දී අද්විතීය මෙහෙයක් ඉටු කරනවා.

එය එසේ වුවත් රුධිරය කෘත්‍රිමව නිපදවිය නො හැකි යි.

තවත් පුද්ගලයෙකුගෙන් ලබා ගත් රුධිරය අදාළ රෝගියා ගේ රුධිර සංසරණ පද්ධතියට එක් කිරීමයි මෙහි දී සිදු වන්නේ.

නමුත්, ඕනෑම අයෙකු ගේ රුධිරය තවත් අයෙකුට පාරවිලයනය කිරීම සිදු කළ නො හැකි යි.

ඒ සඳහා ප්‍රතිග්‍රාහකයා ගේ රුධිර ගණයත්, රුධිර දායකයා ගේ රුධිර ගණයත් එකිනෙකට ගැලපිය යුතු වනවා.

මෙය ක්ෂණික ව මොහොතක් තුළ සිදු කළ හැක්කක් නො වෙයි.රුධිර ගණය ගැලපුන පමණින් එක් අයෙකු ගේ රුධිරය තවත් අයෙකුට ලබා දිය නො හැකි යි.

දායකයාගෙන් ලබා ගන්නා රුධිරය රෝගියාට ලබා දීමට පෙර එම රුධිරයේ පිරිසිදු බව තහවුරු කිරීම පිණිස රෝග ගණනාවක් සඳහා රසායනික පරීක්ෂණයන්ට ලක් කළ යුතු වනවා.

මේ නිසා ඉතා විශ්වාසනීය රුධිර පාරවිලයනයක් සිදු වීමට නම්, ඒ සඳහා සුවිශේෂී ක්‍රියාදාමයන් රැසක් අනුගමනය කළ යුතු යි.

ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ජන්ම දිනය නිමිත්තෙන් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මැතිතුමාගේ පූර්ණ දායකත්වය සහ මැදිහත්වීම පෙරදැරිව සියලු දනන් සුවපත් කරන්නට ඔබ ගන්නා මෙම උතුම් කාර්යභාරයට අතිගරු ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍යතුමාත් අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මැතිතුමා වෙනුවෙන් මේ ප්‍රදේශයේ සියලුම රාජ්‍ය සහ දේශපාලන නායකයින් සියලුම දෙනාටත් පැමිණ සිටින ඔබටත් මා ගෞරවපූර්වකව ආචාරය පුද කරනවා.

ගාමිනී සෙනරත් මහතා කියන්නේ ඔබේ ප්‍රදේශයට විශාල සංවර්ධන කටයුත්තක් සිදුකරමින් අහිංසක මිනිසුන්ගේ දුක හඳුනන මඩ සුවඳ හඳුනන නිහතමානී,මනුසත් ගුණයෙන් උතුම් මිනිසෙක්.

ඇත්තටම මෙවැනි ලේ දන්දීමේ පුණ්‍ය කටයුත්තකට ගාමිණී සේදර සෙනරත් මැතිතුමා නියෝජනය කරමින් මා හට පැමිණීමට අවස්ථාව ලැබීමත් මා මගේ ජීවිතයේ වාසනාවක් කොට මා සලකනවා

ස්වේච්ඡාවෙන් රුධිරය දන් දීමට ඉදිරිපත්වන පුද්ගලයන් ගෙන් රුධිරය ලබා ගෙන, පසු භාවිතය පිණිස ක්‍රමවත්ව එම රුධිරය ගබඩා කොට තබා ගැන්නවා.

මෙම ක්‍රියාවලියේ දී අදාළ රුධිරය සඳහා විවිධ පර්යේෂණ රැසක් සිදු කරනවා. ඒ ඔස්සේ එම රුධිරයේ විශ්වාසනීයත්වය තහවුරු කරනවා.

ජීවිතය අයදින රෝගියෙකු ගේ දිවි සුරැකීමට නිරෝගී පුරවැසියන් ලෙස අප සියලු දෙනාහට පැවරෙන්නේ සුවිශාල වගකීමට දායක වීමට ලැබීම ගැන මම මහත් සේ සතුටු වෙනවා.

ඇත්තට ම ජීවිතයක් බේරා ගන්නට නම් ඔබ වෛද්‍යවරයෙකු විය යුතු ම නැහැ. සැදැහැවත් ශ්‍රාවක දරුවෙකු ලෙස සිතේ කරුණාව උපද්දවාගන්න පුළුවන් නම්, ඔබටත් මේ ලෝකයේ ජීවිතය අයදින රෝගීන් වෙනුවෙන් බොහෝ දේ කරන්න පුළුවන්.

අන්න එවැනි පරිත්‍යාගශීලි අදහස් තුළින් තව කෙනෙකුගේ ජීවිතය රැකගන්නට ඔබ විසින් කරන මේ මෙහෙය ඉතා අගය කොට මා සලකනවා.

මෙම අවස්ථාව සදහා ප්‍රදේශයේ ලේ පරිත්‍යාගශීලී විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

Share this: