අනුරාධපුර බස් නැවතුම්පොළ අසල වෙළඳසැලක ගින්නක් ඇතිවී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අනුරාධපුර බස් නැවතුම්පොළ අසල ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවිසැළක දෙවන මහලේ මෙම ගින්න හට ගෙන ඇති බවයි.
කෙසේ වෙතත් පොලිසිය, ගිනි නිවන ඒකකය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න මැඩ පවත්වා තිබේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර අනුරාධපුර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
Share this: