අනිවාර්ය නිවාඩු යවන ලද ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ මහින්දගේ පිළිසරණ පතයි

අනිවාර්ය නිවාඩු යවන ලද ඛනිජ තෙල් වෘත්තීය සමිති නියෝජිතයෝ මහින්දගේ පිළිසරණ පතයි

ඉන්ධන බෙදා හැරීමේ ක්‍රියාවලිය කඩාකප්පල් කිරීම හේතුවෙන් සේවකයින් සහ වෘත්තීය සමිති සාමාජිකයින් කිහිප දෙනෙකු අනිවාර්ය නිවාඩු යැවීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ගෙන ඇති ක්‍රියාමාර්ග සහ තම ගැටළු පිළිබඳව සාකච්ඡා කිරීමට ඛනිජ තෙල් වෘත්තීය සමිති පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළහ.

ඊයේ (අප්‍රේල් 01) උදෑසන පැය දෙකකට ආසන්න කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව වෘත්තීය සමිති නියෝජිතයින් කියා සිටියේ හිටපු රාජ්‍ය නායකයා මෙම ගැටළුව විසඳීමට මැදිහත් වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවයි.

Share this: