ලබන 11 වැනිදා සාමාන්‍ය කටයුතු සඳහා රට විවෘත කිරීමට අදාළ නව තීන්දු තීරණ ඇතුළත් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට තිබෙනවා.
ඒ සම්බන්දයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද(8) පැවැත්වෙන අතර ඒ සඳහා ආරක්ෂක හා සෞඛ්‍ය අංශවල නියෝජිතයන් මෙන්ම අමාත්‍යාංශ ලේකම්වරුද සහභාගී වීමට නියමිතයි.
එම සාකච්ඡාවෙන් පසු නිරෝධායන නීතිරීති අනුව ගැසට් නිවේදනය නිකුත් කෙරෙන අතර එය කඩකරන්නන් සම්බන්ධයෙන් දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කෙරෙන බවද පොලිසිය සඳහන් කරනවා.
නියෝජය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ බස්නාහිර පළාත විවෘත නොකර රටේ ආර්ථිකයට යහපත් දායකත්වයක් දැක්වීමට නොහැකි බවයි.
අනිවාර්යෙන්ම ඇදිරි නීතිය ක්‍රියාත්මක වුවත් සදුදා(11) සිට බස්නාහිර පළාතේ වැඩකටයුතු කරගෙන යාමේ තත්ත්වයක් තිබෙන බවත් අනෙකුත් ප්‍රදේශ සාමාන්‍ය පරිදි දහවල් කාලයේ විවෘත වී පවතින බව නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ “හරියටම සදුදා උදෑසන සුපුරුදු පරිදි මේ කාර්යාල ඒ විදිහටම පවත්වාගෙන යාම නොහැකි වෙන්න පුළුවන්. අඟහරුවාදා,බදාදා මේ වගේ වෙනකොට ඒකෙ ප්‍රශ්නයක් නෑ. එකපාරම මාස දෙකකට ආසන්න කාලයක් වහලා තිබිච්ච මේ හැම දෙයක්ම සදුදා වෙනකොට නිසි ක්‍රියාකාරිත්වයක් නොවෙන්න පුළුවන්. සදුදාට පෙර ඒ ගැන අවශ්‍ය සියලු නිවේදන නිකුත් වෙයි.”
රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවකයෝ තුන්දහසක් පමණ ලබන සඳුදා කොළඹ පැමිණීම සඳහා මේ වන විටත් දුම්රිය ආසන වෙන් කරගෙන සිටින බවයි සඳහන්.
එදිනට ගමන් කළ හැකි වන්නේ ආසන වෙන් කර ගත් වාර ප්‍රවේශ පත්‍ර හිමි මගීන්ට පමණක් වන අතර ඔවුන්ට වෙන් කර ඇති දුම්රිය මැදිරිය, නියමිත ආසනය පිළිබඳ තොරතුරු එස්.එම්.එස්. පණිවුඩයකින් ජංගම දුරකථනයට ලැබෙන්නට සැලැස්වෙන අතර මගීන් දුම්රියට ගොඩ වීමට පෙර එම පණිවුඩය සෑම දුම්රිය ස්ථානයකදීම පරීක්ෂා කරන බව දුම්රිය වාණිජ අධිකාරී වජිර පොල්වත්ත සඳහන් කරනවා.
මගීන් සියලු දෙනා මුඛ ආවරණ පැලඳීම අනිවාර්ය වන අතර එදින රජකාරි අවසන් වීමෙන් පසු යළි ගමන් කීරිමේදී වෙන් කළ ආසනය හැර වෙනත් ආසනවල අසුන් ගැනීම තහනම් බවත් සාමාන්‍යාධිකාරීවරයා පවසනවා.