මැයි 13 වැනිදා උදෑසන වව්නියාව ප්‍රදේශයෙන් පුද්ගල ඝාතනයක් සහ සියදිවි නසාගැනීමක් හේතුවෙන් පුද්ගල මරණ දෙකක් වාර්තා විය.
ඒ අනුව වවුනියාව පරයනලාන්කුලම නිලියමොටෙයි ප්‍රදේශයේදී 26 හැවිරිදි එක්දරු මවකට සිය නිවස තුළදී මැයි 13 වැනිදා අලුයම වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
ඉන් අනතුරුව, වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා 24 හැවිරිදි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති අතර, නිලියමෝටේරි කෝවිල අසලදී වෙඩි තබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.
ඝාතනයට ලක් වූ කාන්තාව විවාහ වීමට පෙර වෙඩි තැබූ පුද්ගලයා සමඟ ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඇති බවට මූලික විමර්ශනවලින් හෙළි වී ඇති බවත්, මරණ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක බවත් ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.
Share this: