අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තවත් ශිෂ්‍ය ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මැයි 18 වැනිදා සවස කැලණිය විශ්වවිද්‍යාලය අසල පැවති විරෝධතාවයක දී මෙම අත්අඩංගුවට ගැනීම් සිදු කර ඇත.
විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් මෙම විරෝධතාව සංවිධානය කර තිබුණි.
වාර්තා වන අන්දමට අන්තරේ කැඳවුම්කරු අත්අඩංගුවට ගෙන ඇත්තේ විරෝධතාවයේ සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන්ය.
Share this: