අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකළ චීන ජාතිකයින් 28 දෙනෙකු ශ්‍රී ලංකා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් පස් දෙනෙකු ද වනවා. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සතුව තිබී ලැප්ටොප් පරිගණක පහක් සහ ස්මාර්ට්ෆෝන් කිහිපයක්ද පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මෙම වංචනිකයින් පිරිස පිළිබඳව ජාත්‍යන්තර පොලිසියට දැනුම් දීමෙන් පසු ප්‍රාදේශීය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් ක්‍රියාත්මක වී අලුත්ගම සංචාරක නිකේතනයක නවාතැන් ගෙන සිටි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් චීනයේ සිටියදී මාස දෙකකට අධික කාලයක් ජනතාවගෙන් මිලියන ගණනක මුදල් වංචා කර ශ්‍රී ලංකාවට පැන ගොස් ඇති බව පොලිසිය පවසයි.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ භාෂා පරිවර්තකයෙකුගේ සහය ඇතිව දීර්ඝ විමර්ශනයක් සිදුකිරීමට පොලිසිය සැලසුම් කර තිබේ.
Share this: