අනර්ග දෝෂ හදුනාගැනීමේ යන්ත්‍රයක්..

අනර්ග දෝෂ හදුනාගැනීමේ යන්ත්‍රයක්..

‘‘අයිමොනි සිස්ටම්‘‘ නමැති මෙම යන්ත්‍රය, රටේ ආර්ථිකයට උරදෙන ප්‍රධාන පෙළේ සේවා ස්ථානවල ක්‍රියාත්මකවෙන යන්ත්‍ර වල දෝෂ ඇති වූ වහාම එම දෝෂය හඳුනාගෙන එය කුමක්දැයි එසැණින් දැනුම්දෙන බව මොරටුව විශ්ව විද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික් සහ විදුලිය සංදේශ අංශයේ මහාචාර්ය දිලීකා ඩයස් මහත්මිය පැවසුවාය.

මෙමගින් එක ස්ථානයක සිට හටගන්නා දෝෂය හා එයට හේතුව හඳුනා ගැනීමට හා ඒ සඳහා වහාම අවශ්‍ය පියවර ගැනීමට හැකිවේ.

දැනට මෘදුකාංගයක් සහ දෘඩාංගයක් සහිත මෙම උපකරණය, ජංගම දුරකථනයට ආදේශ කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කිරීමට මේ දිනවල පර්යේෂණ කෙරෙමින් පවතී.

Share this: