අද (06)අලුයම 02.30 ට පමණ ඇහැලියගොඩ ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයක් අනතුරට ලක් වීමෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මරණයට පත් වී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අනතුරෙන් ත්‍රී රෝද රථයේ ගමන් ගත් සිව් දෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බවයි.
එම අනතුර ඇහැළියගොඩ රත්නපුර කොළඹ ප‍්‍රධාන මාර්ගයේදී , රත්නපුර දෙස සිට අවිස්සාවේල්ල දෙසට ගමන් යතුරු පැදියක් හා එම දිසාවටම ගමන් ගත් ති‍්‍රවිල් රථයක් එහි රියදුරුට වේගය පාලනය කිරිමට නොහැකි විමෙන් ති‍්‍රවිල් රථය යතුරුපැදියේ ගැටි ති‍්‍රවිල් රථය පෙරළිමෙන් අනතුරක් සිදුවී තිබේ.
තවද එම ති‍්‍රවිල් රථය ප‍්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පුද්ගලික බස් රථයේද ගැටි ති‍්‍රවිල් රථයේ ගමන් ගත් පුද්ගලයින් සිව්දෙනෙකු බරපතල තුවාල ලබා ඇති අතර ඉන් තුන්දෙනෙකු එම ස්ථානයේදිම මියගොස් ඇති අතර, අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරිමේදි මියගොස් ඇත.
ඒ අනුව මෘතශරිර ඇහැලියගොඩ සහ අවිස්සාවේල්ල රෝහලේ මෘතශරිරාගාරයේ තැන්පත් කර ඇත.
අනතුරට ලක්වු යතුරුපැදියේ පසුපැදිකාරියන් දෙදෙනෙකු තුවාල ලබා ඇහැළියගොඩ රෝහලේ ප‍්‍රතිකාර ලබන අතර යතුරු පැදිකරු හා බස් රථ රියදුරුද අත්අඩංගුවට ගෙන ඇත.
ඇහැළියගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලැබේ.