අනතුරකින් 8 හැවිරිදි දැරියක්  මරුට – 13ට තුවාලයි

අනතුරකින් 8 හැවිරිදි දැරියක් මරුට – 13ට තුවාලයි

රිය අනතුරකින් කුඩා දරුවකු මියාගොස් තවත් 13 දෙනෙකු තුවාල ලබා ඇති, පුවතක්, තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේන් වාර්තා විය.

වාරියපොල සිට අනුරාධපුර ප්‍රදේශයට වන්දනා ගමනක් යන පිරිසක් රැගත් කුඩා ට්‍රක් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේය.

ට්‍රක් රථය වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් අනතුර සිදුව ඇති බව, අනාවරණය විය.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 08 ක ගැහැණු දරුවෙක්, අතර, තුවාල ලැබූ පුද්ගලයින් 13 දෙනා ප්‍රතිකාර සඳහා තඹුත්තේගම රෝහලට ඇතුළත් කර ඇත.

මේ අතර, අතර බරපතළ තත්වයේ පසුවූ කාන්තාවන් දෙදෙනෙකු අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇත.

Share this: