එන්ජින් ධාරිතාවය වැඩි යතුරුපැදි 08ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.
බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත ගල්කිස්ස පොලිස් කොට්ඨාශයේ විශේෂ මෙහෙයුම් කණ්ඩායම සිදුකළ මෙහෙයුමකදීයි මෙම යතුරුපැදි සොයා ගෙන ඇත.
බොරලස්ගමුව, රත්තනපිටිය ප්‍රදේශයේ සමාගමක තිබී මෙම අධි ධාරිතාවයෙන් යුත් යතුරුපැදි සොයාගත් බව පොලිසිය පවසයි.
මෙම යතුරුපැදි ලියාපදිංචි කිරීම සඳහා යොදාගත් ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට ඇති සැකය මත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
Share this: